ආයුබෝවන් සිංහල මෘදුකාංගය

පුවත් අංක 01

ආරක්ෂක ලේකම් තුමා රණවිරු පවුල් වල සාමාජිකයන් මුණ ගැසෙයි

මාවිල්ආරු සිට ‍ෙම් දක්වා සිදුකල මානුෂීය මෙහෙයුම් වලදී මියගිය හා අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 17) පෙරවරුවේ කුරුවිට ගැමුණු හේවා බළකා මූලස්ථානයේදී පවත්වන ලදි.

මෙහිදී රැස්ව සිටි රණවිරු ඥාතී පවුල් වලට බලපාන පොදු ගැටළු සහ පෞද්ගලික ගැටළු පිළිබඳ ආරක්ෂක ලේකම් තුමා පෞද්ගලිකව මැදිහත්වී සාකච්ඡා කළේය. අනතුරුව ඔවුන්ගේ ගැටළු විසඳීමට හා ඊට අදාල කටයුතු සිදු කර දීමට එකඟතාවය පළකර තිබේ.

මෙම සුහද හමුද රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කල අතර, සාකච්ඡාවෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නිළධාරිනියන් යුධ, නාවික, ගුවන්  හමුදාවලට අයත් රණවිරු ඥාතීන්ගේ ගැටළු පෞද්ගලිකවම විමසා බැලීය.

පුවත් අංක 02

මට බලපෑම් එපා!

අහිංසක ජනයා මුදා හරින්නැයි කොටින්ට බලපෑම් කරන්න

ජනපති දෙස්-විදෙස් සංවිධානවලට කියයි

තමාට බලපෑම් කිරීම පසෙකලා ප‍්‍රාණ ඇපයේ තබාගෙන සිටින අහිංසක ද්‍රවිඩ ජනතාව මුදාහරින ලෙස එල්. ටී. ටී. ඊ. යට බලපෑම් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශීය හා විදේශීය සංවිධානවලින් ඉල්ලා සිටී.බස්නාහිර පළාත් දේශීය වෛද්‍යවරුන්, සාමවිනිසුරුවන් සහ ගොවි සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පෙරේදා (18) පස්වරුවේ පැවැති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා එසේ කීය.

පුවත් අංක 03

ආචාර්ය තිස්ස අබේසේකර
අවසන් කටයුතු අනිද්ද

ප‍්‍රතිභාපූර්ණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර මහතා පෙරේදා (18) සවස කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය. මියයන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා චිත‍්‍රපට තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු, නළුවකු, ගීත රචකයකු සහ සාහිත්‍යවේදියකු ලෙස නමක් දිනාගෙන සිටියේය.1968 වසරේදී “ඉපනැල්ල” කෙටිකතා සංග‍්‍රහයෙන් කලා ක්ෂේත‍්‍රයට පිවිසි ඒ මහතා නිධානය වැලිකතර, කළුදියදහර, වීරපුරන්අප්පු, පොඩිමල්ලී, උත්පලවන්නා, කුලගෙය, ගුරුගෙදර වැනි චිත‍්‍රපට රාශියක තිර රචකයා විය.

සටනේදී දිවිපිදූ රණවිරු බිරිඳකට සේවා වනිතාවන්ගෙන් අතහිත

  සටනේදී දිවිපිදූ රණවිරු බිරිඳකට සේවා වනිතාවන්ගෙන් අතහිත 

ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය විසින්, රට වෙනුවෙන් ක්‍රියාන්විතයේදී දිවි පිදූ යුද හමුදා නිලධාරියකු ගේ බිරිඳ හට නිවසක් ඉදිකර ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයක් සිදු කරනු ලැබිණි.

ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් ඊයේ (අප්‍රේල් 16 දින) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකදී, නි/65008 මේජර් එස්ආර් ප්‍රනාන්දු ගේ භාර්යාව වූ දිලිණි සෙව්වන්දි මහත්මියට මෙම පරිත්‍යාගය පිරිනමන ලදී. 

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.